Gossips

බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (ඡායාරූප)

බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුළුව අද (31) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ වුණා.
මෙම සමුළුවේදී බෝ නොවන රෝග අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම සාර්ක් රටවල අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුවනු ඇති.
තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා බාධාවක් වන බෝ නොවන රෝග 2030 වනවිට අවම කර ගැනීමේ ක්‍රියාමාර්ග සැකසීම මෙම සමුළුවෙහි අරමුණයි.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට සාර්ක් රටවල නියෝජිතයින් මෙන්ම සාර්ක් ලේකම් කාර්යාලයෙහි අධ්‍යක්ෂවරයා ද එක්ව සිටියා.