Gossips

බෝ නොවන රෝග පාලනයට ලෝක බැංකු ආධාර

බෝ නොවන රෝග පාලනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පවුලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරිපත් කිරීම හරහා පුද්ගලයින් 5000කට එක් වෛද්‍යවරයෙකු බැගින් පත් කර සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍ය වාර්තා ලබා ගැනීම සිදුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
අදාළ වැඩපිළිවෙල අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.