Gossips

බෝල්ටික් මුහුදු තීරයේදී නෞකාවක් අනතුරකට පත්වෙයි

ජර්මනියේ – කීල් නුවර සිට ලිතුවේනියාව දක්වා මගීන් රැගෙන යමින් තිබූ නෞකාවක් බෝල්ටික් මුහුුදේදී අනතුරකට ලක්ව තිබෙනවා.
එහි එන්ජිම පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ලිතුවේනියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඉන් ශ්‍රී ලංකාවේ හෝ එහි ගමන් ගත් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.
එම අවස්ථාවේදී මගීන් 300 කට ආසන්න පිරිසක් එහි ගමන් කර තිබෙනවා.