Gossips

බෝර 12 ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය, කළුතර – මීගහතැන්න – මිරිස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමේදී සොයා ගත් මෙම ගිනි අවි බෝර 12 ගිනි අවි වර්ගයට අයත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.
සැකකරුවන් පිටිගල – උහන් ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.