වැලිමඩ – බෝගහකුඹුර – අළුගොල්ල ප්‍රදේශයේදී මෙරටට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ත්‍රිරෝද රථයකින් මෙම ගිනි අවිය රැගෙන යමින් සිටියදී ඔවුන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි තවත් පුද්ගලයෙකු පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
29 හැවිරිදි සහ 37 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ගලේවෙල සහ පුහුල්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන්.
