බෝර 12 ගිනි අවියක් ගමන් මල්ලේ සඟවාගෙන විදෙස් ගතවීමට උත්සහ කළ ගුවන් මගියෙක් අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොල ආරක්ෂක අංශ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලන්ඩන් බලා යාමට පැමිණි ගුවන් මගියෙක්.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇමරිකාවේ පුරවැසිභාවය හිමි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.
ගුවන් තොටුපොල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපොළ පොලිසිය වෙත භාරදී තිබෙනවා.
