Gossips

බෝයිං සමාගම 737 මැක්ස් නවත්වයි

බෝයිං – 737 මැක්ස් මාදිලියේ සියලූ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ගුවන් යානා 371 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කෙරෙනු ඇති.
ඉතියෝපියානු ගුවන් අනතුර සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් නවතම සාක්ෂි ඊට බලපා ඇති බව ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය ප්‍රකාශ කළා.
මේ වනවිටත් රටවල් රැසක් බෝයිං 737 ගුවන් යානා භාවිතයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.