Gossips

බෝයිං සමාගමේ තාක්ෂණය ගැන ගැටළුවක්

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ කඩාවැටීමත් සමඟ බෝයිං සමාගමේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ මාස 5 ක කාලසීමාවක් තුළ කඩාවැටුණු දෙවන බෝයිං යානය මෙය වීමයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෝයිං සමාගමද කණගාටුව පළ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පූර්ණ තාක්ෂණික විශ්ලේෂණයක් සිදුකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් කරමින් සිටියදී ඊයේ මෙම ගුවන් යානය කඩාවැටුණු අතර, ඉන් එහි ගමන් ගත් ජාතීන් 33 කට අයත් මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
යානය ගුවන් ගතවී මිනිත්තු 6 කට පසු එහි නියමුවා කිසියම් දෝෂ සහගත තත්වයක් හේතුවෙන් යළි යානය ගොඩබැස්සවිය යුතු බවට ප්‍රකාශ කර ඇති බව සඳහන්.