Gossips

බෝම්බ බියක් නිසා ෆේස් බුක් මුලස්ථානය කැළඹෙයි

බෝම්බයක් ඇතැයි පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් ෆේස් බුක් සමාගමේ කැලිෆෝනියාවේ පිහිටි මූලස්ථානයේ සේවකයන් වහාම ඉවත් කිරීමට පියවර ගැනුනා.
කෙසේවෙතත් පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිසිදු පුපුරන ද්‍රව්‍යයක් සොයා ගැනීමට නොහැකිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ලැබුනු හදිසි ඇමතුමකට අනුව බෝම්බ නිෂ්ක්‍රිය අංශ, ගිනි නිවීම් ඒකක මෙන්ම සහන කණ්ඩායම් අදාළ ස්ථානයට පැමිණ තිබුනා.
එහෙත් එහි කිසිදු සැක කටයුතු පාර්සලයක් හෝ උපකරණයක් සොයා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.
පසුව යළිත් සමාගමේ සේවකයන් සාමාන්‍ය පරිදි සේවයේ නිරතවී තිබෙනවා.
බෝම්බයක් ඇතැයි යන්න තොරතුර මුලින්ම ලැබුනු පුද්ගලයාගේ සිට විමර්ශණ සිදු කරන බවයි ආරක්ෂක අංශ ප්‍රකාශකර ඇත්තේ.