Gossips

බෝම්බ තර්ජනයක් නිසා දකුණු ඇමරිකානු ගුවන් යානා 9 ක් හදිසියේ ගොඩබස්වයි

චිලී සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කළ බෝම්බ තර්ජනයක් පිළිබඳ අවදානමක් හේතුවෙන් දකුණු ඇමරිකාවේ මගී ගුවන් යානා 9 ක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
චිලී, ආර්ජන්ටිනා සහ පේරු ගුවන් තලයේ ගමන් ගත් යානා 9 ක් ඊයේ මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
චිලී දේශයේ සිට නික්මෙන සහ එහි පැමිණෙන ගුවන් යානා වල බෝම්බ පවතින බවට තර්ජනාත්මක පණිවුඩ 11 ක් ලැබුණ බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.
කෙසේ නමුත්, පසුව එම යානා කිසිවක පුපුරණ ද්‍රව්‍ය නොතිබූ බව අනාවරණ වී තිබෙනවා.