ඉන්ධන මිල ඉහළ දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කලේගාන මංසන්ධියේ සිට පාපැදිවලින් සභා පරිශ්‍රයට පැමිණීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කර ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තණකොළ සහ විරෝධතා පුවරු රැගෙන පාපැදිවලින් පැමිණි මන්ත්‍රීවරුන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
