Gossips

බෝඩින් කාමරයේදී ජීවිතයට සමුදුන් තරුණිය

සීදුව, අමන්දොලුව ප්‍රදේශයේදී තරුණියක් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඇය නේවාසිකව රැඳී සිටි කාමරය තුලදී රෙදි පටියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි කල්කුඩා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.
පසුගිය 07 වනදා පස්වරුවේ ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර පොලිසිය සැක කරන්නේ ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇය මෙලෙස සිය දිවි හානිකර ගන්නට ඇති බවයි.
මෘත දේහය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී සිදුකළ බවයි සීදුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.