Gossips

බෝට්ටුවක් නෞකාවක ගැටී ධීවරයන් 4 ක් මරුට

බේරුවල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ධීවරයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ධීවරයන් ගමන් කළ බෝට්ටුව නෞකාවක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි අනාවරණ වී තිබෙනවා.
තවත් එක් අයෙක් දිවි ගලවාගෙන ඇතැයි සඳහන්.
ගාල්ලට බටහිර දෙසින් මුහුදු සැතපුම් 30 ක් පමණ දුරින් වු මුහුදේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඊයේ සවස 6 ට පමණ ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර අද උදෑසන 8 ට පමණ නාවික හමුදාවට අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි සඳහන්.