වත්තල – දික් ඕවිට ධීවර වරාය දෙසට ගමන් කරමින් තිබූ බෝට්ටුවක් නැවක ගැටීමෙන් ධීවරයින් 3 දෙනෙකු මුහුදට වැටී තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඉන් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, තවත් එක් අයෙකු මේ වන විටත් අතුරුදන් වී ඇති බවයි.
ඊයේ රාත්‍රියේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ තිසේරාපුර – කටුනේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
