පිලියන්දල – මහරගම මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බෝකුන්දර සිට මහරගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ඊයේ රාත්‍රීයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් එක් යතුරුපැදියක ගමන් ගත් 15 හැවිරිදි පාසල් සිසුවෙකු මියගිය අතර ඔහු පිලියන්දල – නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරෙන් තුවාල ලැබූ අනෙක් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා සහ කාන්තාව ද පිලියන්දල රෝහලට ඇතුලත් කර තිබෙනවා.rn
