Gossips

බොලිවුඩයේ සුරූපිණියට හොලිවුඩ් පුරවරයෙන් යළිත් ඇරයුම්

ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන xXx චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සැලසුම්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙම චිත්‍රපටය සඳහා ද, ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් එක්කර ගැනීමට බලාපොරොතු වන බවයි එහි අධ්‍යක්ෂ ඩී.ජේ. කෲසෝ පවසන්නේ.
ඩී.ජේ. කෲසෝ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ පිළිබඳව පවසා තිබෙනවා.
මෙම චිත්‍රපට මාලාවේ 2017 වසරේදී බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගතවූ xXx : The Return Of Xander Cage චිත්‍රපට සඳහා පළමු වරට රංගනයෙන් දායක වීමට දීපිකා පදුකෝන්ට අවස්ථාව හිමි වුණා.
xXx චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය 2002 වසරේ නිෂ්පාදනය කෙරුණු අතර xXx: State Of the Union ලෙස 2005 වසරේදී එහි දෙවැනි චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණා.
ක්‍රමක්‍රමයෙන් හොලිවුඩ් තිරයට අවතීරණය වන දීපිකා පදුකෝන් අවසන් වරට රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපටය වන්නේ මෙම වසරේදී තිරගත කෙරුණු සංජේ ලීලා බන්සාලිගේ පද්මාවත් චිත්‍රපටයයි.