Politics Sri Lanka

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී ජීවන රඟමඩලෙන් නික්ම යයි

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී ජීවන රඟමඩලෙන් නික්ම යයි

බොලිවුඩයට වසර 14කට පසු දෙමළ සිනමාවට වසර 26කට පසු පිවිසි බොලිවුඩයේ අග්‍රගණ්‍ය සුපිරි රංගන ශිල්පිනියක වූ ශ්‍රී දේවී කපූර් හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබේ.

ඩුබායිහි පැවති පවුලේ ඥාතියෙකුගේ විවාහ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇය හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු හතරේ සිට රංගනයට දායක වී ඇති ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ සහ හින්දි භාෂාවලින් නිෂ්පාදනය වූ සිනමා කෘති 150ක පමණ රඟපා තිබේ.

ආදායම් වාර්තා බිද හෙලූ චිත්‍රපට රැසක් වෙනුවෙන් රංගනයේ නිරත ඇයගේ ජනප්‍රිය චිත්‍රපට අතර මිස්ටර් ඉන්ඩියා, චාන්ද්නී, චාල්බාස්, සද්මා සහ ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් වේ.

ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබා ඇති ශ්‍රී දේවී කපූර් මියයන විට 54 වන වියේ පසුවිය.

2012 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී තිරගත වූ ඇය රඟපෑ ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’චිත්‍රපටය අවසානයේ ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනා අසුන්වලින් නැඟිට ශ්‍රී දේවිගේ රඟපෑම් අගයමින් අත්පොළසන් ලබාදීමද විශේෂත්වයකි.