Gossips

බොලිවුඩයේ සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට

බොලිවුඩයේ පළමු සිනමා නිලිය ලෙසට සැලකෙන සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.
ඩුබායි රාජ්‍යයේ මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී ඇය රෝගී වී ඇතැයි සඳහන්.
වයස අවුරුදු 4 දී චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ශ්‍රී දේවී දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.
මියයන විට ඇයගේ වයස අවුරුදු 54 ක්.
නලුවෙකුගේ සහයෝගයකින් තොරව ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලීමට හැකියාවක් ලැබුනු බොලිවුඩ් තාරකාවන් කිහිපදෙනා අතරින් අයෙක් ලෙසට ද ශ්‍රී දේවී සැලකෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වන විට සැමියා වන බොනී කපුර් සහ දියණිය කුෂි ද ඇය සමග සිටි බවයි.