Gossips

බොලිවුඩයම තම වසඟයට ගත් සුරුපිණිය දීපිකා සුපිරි සිනමා තරුව සමඟ විවාහ වන දිනය හෙළිකරයි

බොලිවුඩය තම වසඟයට ගත් සුරූපී රංගන ශිල්පිනිය දීපිකාගේ විවාහය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.
ඒ ඇය තම විවාහ උත්සවය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි.
දීපිකා තම විවාහය මෙම වසරේ නොවැම්බර් මස 19 වැනිදා ඉන්දියාවේ මුම්බායි හිදී පවත්වන බවයි මෙලෙස නිවේදනය කර ඇත්තේ.
සුප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය ඔස්සේ ඇය මේ බව නිවේදනය කර තිබෙනවා.
මේ අතර දීපිකාගේ අත්ගන්නා බොලිවුඩ් සුපිරි සිනමා තරුවක් වන රන්වීර් සිං වෙතද මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ ඔහු සිදුකළ සුවිශේෂ ප්‍රකාශයක් සමඟයි.
මෙලෙස රන්වීර් සිං ප්‍රකාශ කර ඇත්තේ තම විවාහයෙන් අනතුරුව තමන් සිනමාවේ දැකගත නොහැකි බවයි.
කෙසේ වෙතත් ඔහු එලෙස ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ තමන් කෙටි කලකට සිනමා රංගන කටයුතුවලින් ඉවත්වීමට බලාපොරොත්තුවන බවයි.
මේ වනවිට ළඟදීම සිදුවන්නට නියමිත තම විවාහ උත්සවයට සුදානම් වීම සඳහා මෙම බොලිවුඩ් සුපිරි තරු යුගල තමන් භාරගත් වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට වැඩි අවධානයක් යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම මේ දිනවල කාර්යබහුල ජීවිතයක් ගතකරන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
මේ වනවිට දීපිකා සලකන්නේ බොලිවුඩයේ අංක එකේ නිළිය ලෙසටයි.