Gossips

බොල්ගොඩ වනසන ජාවාරම්කරුවෝ

වැලි ලබාගැනීමට රොන් මඩ හෑරීම හරහා බොල්ගොඩ ගඟ අවට ප්‍රදේශ ගණනාවක මේ වන විට දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.
අද හිරු සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි.
පානදුර නගරාසන්නයෙන් මුහුදට වැටෙනා බොල්ගොඩ ගඟ පරිසරයේ සොදුරු බව ඉස්මතු කරනා තවත් තෝතැන්නක්.
මෙම සොදුරු පරිසරයට කණකොකා හඬලන්නේ භු විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය හරහා පානදුර අවට ගොරකාපොල, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත ආදී ප්‍රදේශවල ස්ථාන 08 ක පමණ වැලි කැණීම් සදහා අවසර ලබාදීමත් සමගයි.
එම බලපත්‍ර හරහා පසුගිය කාලයේ ඉවක් බවක් නොමැතිව වැලි ගොඩදැමීමත් සමග මේ වනවිට ගඟේ ඉතිරිව ඇත්තේ කළු පැහැති රොන් මඩ තට්ටුවක් පමණයි.
එම රොන්මඩ තට්ටුව ද ගොඩට ඇදීමට තොටුපල හිමිකරුවන් මේ වනවිටත් සේවකයින් යොදාවා තිබෙනවා.
රොන් මඩ සෝදා එම අප ජලය නැවතත් ඔවුන් මුදා හරින්නේ බොල්ගොඩ ජලාශයටමයි.