බණ්ඩාරගම – රඹුක්කන ප්‍රදේශයේ බොල්ගොඩ ඇලේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මියගොස් ඇත්තේ පන්නිපිටිය – වීර මාවතේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මොහු පසුගිය 23 වනදා සිට අතුරුදන්ව සිටි බවට මහරගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබුණා.
