Gossips

බොල්ගොඩින් හමුවූ හිස, විදෙස් කතකගේ බවට තොරතුරු

රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබියදී සොයා ගත් හිස විදෙස් කාන්තාවකගේ බවට පොලීසිය දැනට සැක පළ කරනවා.
දින 3කට පමණ ඉහත දී අදාළ කාන්තාව ඝාතනය කොට පසුව හිස කොටස මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත අදාළ කාන්තා හිස අද (04) උදෑසන බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබියදී සොයා ගත්තා.