ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල මේ වනවිට මේ වසරේ ඉහළම අගයට පත්ව තිබෙනවා.
ගතවූ සතිය තුළ තෙල් මිල සියයට 3 කින් ඉහළ ගිය අතර, ඔපෙක් සංවිධානය විසින් තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමද ඊට හේතුවක්.
චීනය සහ ඇමරිකාව අතර වෙළඳ අර්බුදය විසඳෙනු ඇති බවට පවතින බලාපොරොත්තුවද තෙල් මිල ඉහළ යාමට බලපා තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේදී සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 67 ක් ලෙසයි.
