Gossips

බොර තෙල් මිල ඉහළ යයි

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය සමනය වීමේ ප්‍රවණතාව මෙන්ම බොරතෙල් සැපයුම අඩුවීමේ ලකුණු හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඊයේ ඇමරිකානු ඩොලර් 57 දක්වා ඉහළ ගියා.
ඔපෙක් සංවිධානය විසින් පසුගිය දෙසැම්බරයේ තෙල් සැපයුම කපා හරින ලද අතර, ඇමරිකානු තෙල් සංචිතද බැරල් මිලියන 4.5 දක්වා පහත වැටී තිබෙනවා.
මේ අනුව ඊයේ දිනයේදී තෙල් බැරලයක මිල ඩොලර් 1 යි ශත 40 කින් ඉහළ ගොස් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 57.35 ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල ඩොලර් 48 කට ආසන්න වුණා.