Gossips

බොරුපන පාලම අසලින් මෝටාර් උණ්ඩයක් හමුවෙයි

රත්මලාන බොරුපන පාලම අසල තිබී කොටස් දෙකකට වෙන් වු මෝටාර් උණ්ඩයක් ගල්කිස්ස පොලීසිය සොයාගෙන තිබෙනවා.
අද (27) උදෑසන පාලම අසලින් ගමන් ගත් පුද්ගලයකු පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ලබා දුන් තොරතුරකට අනුවයි මෙම මෝටාර් උණ්ඩ කැබලි සොයාගෙන ඇත්තේ.
මෙම මෝටාර් උන්ඩ කොටස් මේ ස්ථානයට ගෙනත් දමා ඇත්තේ කවුරුන් විසින්ද කියා මෙතෙක්‌ අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.