බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගොස් තිබියදී සොයා ගත් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු බම්බලපිටිය පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසියේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාර්ඩ්න් හි අංක 727 දරණ නිවසෙහි තිබියදී සොයා ගත්තේ අද (24) දහවල් කාලයේයි.
බම්බලපිටිය ප්රදේශයේදී රාජකාරී කටයුත්තක් සඳහා අද (24) අලුයම යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කොට මෙම ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබුණා.
සිද්ධියෙන් තුවාල ලැබූ බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.