Gossips

බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කර පලා යාමේ සිද්ධියට ඇල්ලූ සිව්දෙනා අද අධිකරණයට

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (24) අත්අඩංගුවට ගත් මොවුන් අලූත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් අය අතර ඩිෆෙන්ඩර් රථය පැදවූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු මෙන්ම එම රථයේ හිමිකරු ද වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එමෙන්ම අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය සමඟ පසුපසින් පැමිණි ප්‍රාඩෝ වර්ගයේ රථයේ රියදුරු සහ එහි ගමන්ගත් පුද්ගලයෙකු ද පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.