බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්රයා, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී දුමින්ද ආටිගල සහ ඩිෆෙන්ඩර් රථය පැදවූ ප්රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්රයෙකු මෙන්ම එම රථයේ හිමිකරු සහ තවත් අයෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් මොවුන් අද (25) අලුත්කඩේ අංක තුන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ (24) සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.