Gossips

බොරැල්ල ට්‍රැෆික් ඕ අයි සී අනතුරට ලක් කළ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා යළි රිමාන්ඩ්

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු වන නවිඳු ඔමේෂ් රත්නායක මේ මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරු කොලඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
පසුගිය 24 වන දා බම්බලපිටිය – ගාලූ පාරේ – ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට පත් කරමින් ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබූ අතර එය පසුව සොයා ගැනුණේ බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාඞ්න් නිවසක නවතා තිබියදියි.
එම අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයාගේ ඇතුලූ හත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.
මෙම අනතුරෙන් සති දෙකකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර පෙරේදා රාත්‍රියේ මියගියා.
මේ වනවිට ඔහුගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.