බොරැල්ල – සිරිසර උයන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
වයස අවුරුදු 26 ක් වන ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
