Gossips

බොරැල්ලේදී මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

බොරැල්ල – මැගසින් අලූත් පාර ප්‍රදේශයේදී මත්කුඩු ළඟ තබා ගත් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකාරිය ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100ක් සොයාගෙන ඇති බවයි.
43 හැවිරිදි සැකකාර කාන්තාව බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.