Gossips

බොරළු කැපීමේ සැලසුමකට ගම්වාසීන්ගෙන් විරෝධතා (ඡායාරූප)

පුත්තලම විලුක ගම්මානයේ රජයේ ඉඩම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බොරළු කැපීම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබාදීමේ සැලසුමක් ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඇතුළු පිරිසක් අද අදාළ ප්‍රදේශයේ නිරීක්ෂන චාරිකාවකට එක්වී ඇති අතර එහිදී ජනතාවගෙන් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ලවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම ඉඩම් සංවර්ධනය කෙරෙන මුවාවෙන් බොරළු ජාවාරම්කරුවන් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැණීම් සිදුකර ඇත්තේ බලපත්‍ර නීති රීති ද උල්ලංඝණය කරමින් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
මේ වන විටත් අක්කර 100 කට ආසන්න ප්‍රමාණයක මහා පරිමාණයෙන් කැණීම් සිදුකර තිබියදීත් ඊට කිසිදු බලධාරියෙකු නීතිය ක්‍රියාත්මක කර නොතිබීම ගැටලුවක් බවයි පුත්තලම විලුක ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ.

ඡායාරූප – පුත්තලම ප්‍රියංකර කලුපහන