බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි අද පස්වරුවේ පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
බොරලැස්ගමුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
