පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් පසුගිය 30 වනදා බොරලැස්ගමුවේදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලට ඉදිරිපත් කර ලබාගත් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බීමතින් නොසිටි බවට ප්‍රකාශ වී තිබෙනවා.
කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ අවස්ථාවේදී කළ ස්ථානීය බැලුම් පරීක්ෂාවේදී ඇය බීමතින් සිටි බවට අනාවරණ වූ බවයි.
පසුගිය 30 වනදා අලුයම 12.50ට පමණ බොරලැස්ගමුව – පැපිලියාන – වික්‍රමරත්න මාවතේදී සිදුවූ රිය අනතුරකින් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ අජන්ත ගාමිණී ගමගේ නැමති පොලිස් පරීක්ෂකවරයා මියගියා.
එම අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබුණේ එම අවස්ථාවේ ඇය බීමතින් සිට ඇති බවටයි.
කෙසේ වෙතත් ඇයව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මූලික වෛද්‍ය පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඇයගෙන් මත්පැන් ගඳ වහනය නොවන බවයි.
කෙසේ වෙතත්, ඇය තවත් පුද්ගලයෙකු සමඟ ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් මත්පැන් පානය කළ බවට අදාළ හෝටලයේ ඔවුන්ට සේවය සැපයූ වේටර්වරයා ද කටඋත්තරයක් ලබාදී ඇති බවයි මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.
අදාළ වේටර්වරයාගේ ප්‍රකාශ අනුව වෛද්‍යවරිය දේශීය මත්පැන් බෝතලයක්, විදෙස් මත්පැන් මිලිලීටර 100ක ප්‍රමාණ 2ක් හා බියර් දෙකක් ඇණවුම් කර තිබෙනවා.