Gossips

බොරලැස්ගමුවේ අනතුරකින් එක් අයෙකුට මරුට

බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී මෝටර් රථයක් සහ ජීප් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද අලූයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුුරුදු 51ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්.
සිද්ධියෙන් ඔහුගේ බිරිඳ සහ 21 හැවිරිදි පුතු තුවාල ලබා ඇති අතර, කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු පස් හැවිරිදි පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
එමෙන්ම ජිප් රථය පදවාගෙන ආ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයද මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.