Gossips

බොරතෙල් මිල පහළට

ලොව විශාලතම තෙල් නිෂ්පාදකයන්ගේ සැපයුම ඉහළ යාමත් සමඟ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල මේ වනවිට මාස 6 කින් අවම අගයට පැමිණ තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 72 යි ශත 60 ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 63 යි ශත 45 ක් ලෙස සටහන් වුණා.
ඔක්තෝම්බර් මාසය තුළ ලෝක වෙළදපොලේ තෙල් මිල සියයට 12 ත් 13 ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.