Gossips

බොරතෙල් බැරලයක මිල ඉහළ ගියත් ඉන්ධන මිලෙහි වෙනසක් නෑ -මුදල් අමාත්‍යාංශය

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පසුගිය මාසයට වඩා ඇමරිකන් ඩොලර් 7 කින් ඉහළ ගොස් තිබුනද ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ උත්සව සමයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්ධන මිලෙහි කිසිදු වැඩිකිරීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි.
ඉන්ධන මිල කමිටුව ඊයේ පස්වරු 6 ට මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹෙනු ලැබුවේ.
මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 කට අලෙවි වන අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 159 කටයි.
ඔටෝ ඞීසල් ලීටරයක් මිල රුපියල් 104 කටත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 134 කටත් අලෙවි වනවා.