Gossips

බොන වතුරට වස දැමූ ජාවාරම්කරුවන්

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පිහිටා ඇති අභය භූමිය ආසන්නයේම භාවනායෝගී භික්ෂුන්සේ වැඩ වාසය කරන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු නිමලව ආරන්‍ය සේනාසනය පිහිටා තිබෙනවා.
එහි ස්වාමීන්වහන්සේ පවසන්නේ කලක පටන් මෙම භූමි ප්‍රදේශය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇති බවයි.
මෙම ප්‍රදේශයට ලගා වු හිරු සී.අයි.ඒ.කණ්ඩයමට නිරීක්ෂණය කළේ වැලි ජාවාරමට අමතරව මෙහි දැව ජාවාරමක් ද සිදුවන බවයි.
ජාවාරම්කරුවන් රජයෙන් යොදා තිබු දැන්වීම් පුවරු පවා ඉවත් කර තිබුනේ මෙම භූමිය අභය භූමියෙන් බැහැර කලාපයක් බව පෙන්වීම සදහායි.
නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මෙම විනාශයන් නොදුටු දෑසින් සිටියදී, හිරු සී.අයි.ඒ.කණ්ඩායම වැලි ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් කැමරා කාචයේ සටහන් කර ගත්තා.
මරණ තර්ජනයෙන් ද ස්වාමීන්වහන්සේ නැවතිය නොහැකි වු තැන ජාවාරම්කරුවන් සිදුකර තිබුනේ භාවනායෝගී හිමිවරුන්ගේ පානීය ජලය ලබාගන්නා නල පද්ධතිය කඩා බිද දැමීමටයි.