Gossips

බොදුබල සේනා සංවිධානයෙන් සාමකාමී පා ගමනක්

සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සාමකාමී පා ගමනක් අතුරුගිරියේදී අද (21) පැවැත්වුණා.
දක්ෂිණ අධිවේගි මාර්ගයට පිවිසෙන අතුරුගිරියේ පිවිසුම අසල සිට පෝරේ ශ්‍රීමා විහාරස්ථානය දක්වා භික්ෂූන් වහන්සේලා 200කගේ සහභාගීත්වයෙන් පා ගමනක් සංවිධාන කර තිබුණා.