Gossips

බොකෝහරාම් ප්‍රහාරයෙන් නයිජීරියාවේ තවත් දැරියන් 111 ක් අතුරුදන්

ඊසාන දිග නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයේ රජයේ උසස් පාසලකට බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායමක් බදාදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු එහි ඉගෙනුම ලැබූ දැරියන් 100 කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
එය 2014 වසරේදී චිබොක් ප්‍රදේශයෙන් පැහැර ගත් පාසල් දැරියන් 276 දෙනා සිහිපත් කරන ප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඉන් 57 දෙනෙකු පලා ආ අතර, 107 දෙනෙකු බොකෝහරාම් කල්ලිය සමග රජය ඇති කර එකගතාවක් අනුව නිදහස් කර ගැණුනා.
මේ සතියේ එල්ල වූ ප්‍රහාරයත් සමඟ පාසලේ සිටි දැරියන් 926 දෙනෙකු පලා ගිය අතර, ඉන් නැවත පැමිණ ඇත්තේ 815 දෙනෙකු පමණයි.
ඉතිරි දැරියන් 111 දෙනා බොකෝහරාම් කල්ලිය විසින් පැහැර ගන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.