Gossips

බේරුවල හෙරොයින් සිද්ධියට තවත් 4ක් අධිකරණයට භාර වෙයි

රුපියල් මිලියන 277ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 4 දෙනෙකු අද අධිකරණයට භාර වී තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ඔවුන් ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් තුන් දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධානාගාරගතව පසුවනවා.