Gossips

බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් හිමිකරුගේ නිවසෙන් මුදල් සහ සැටලයිට් දුරකථන

බේරුවලදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් සහ සැටලයිට් දුරකථන දෙකක් සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි.
පසුගිය 5 වනදා බේරුවල බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් කුඩා බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී අනාවරණ වූ තොරතුරු මතයි එම බෝට්ටුවට මෙම හෙරොයින් මත්කුඩු තොගය ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු යටියන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඔහු 44 හැවිරිදි බේරුවල – මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.