බේරුවල – බලපිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ ප්‍රධාන සැකකරු ඇතුළු 06 දෙනෙකු මේ වනවිට පොලිසිය මගින් හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
එමෙන්ම ජාත්‍යන්තර මුහුදු තීරයේදී අදාළ හෙරොයින් තොගය කුඩා බෝට්ටුවට ලබාදුන් ටෝලර් යාත්‍රාව ද ඊයේ බේරුවල වරායට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගැනුණා.
මෙම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන්. පැකට් 214 ක රැගෙන ආ කිලෝ 231 යි ග්‍රෑම් 54 බරැති හෙරොයින් තොගය අසුරා තිබුණේ පාකිස්ථානයේ නිෂ්පාදිත සීනි ඇසුරුම්වලයි.
ඒ අනුව ඒවා පාකිස්තානයෙන් රැගෙන ආ ඇති බවටද අනාවරණය වී තිබෙනවා.
