Gossips

බේරුවල හෙරොයින් සිද්ධියට අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු රිමාන්ඩ්

බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් යාත්‍රා හිමිකරුට අද ලැබුනු නියෝගය
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවට හෙරොයින් තොගය ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මොහුගේ බේරුවල පිහිටි නිවස ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කළ අතර එහි තිබී අධි තාක්ෂණික දුරකථන දෙකක් සහ මුදලින් රුපියල් ලක්ෂ 59 ක් සොයා ගනු ලැබුවා.
යටියන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු 44 හැවිරිදි බේරුවල – මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී පසුගිය දා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 231ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2778 ක්.