Gossips

බේරුවල සූදුපොළක් වටලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට

බේරුවල – බුබුලකන්ද ප්‍රදේශයේදී සූදුපොළක් වටලා බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ඇතුළු කාන්තාවන් දස දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ නිවසේ මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මෙම සූදුපොළ ඊට සහභාගි වන කාන්තාවන්ගේ නිවෙස්වල හුවමාරු ක්‍රමයට පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන්. සැකකරුවන් බේරුවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.