Gossips

බේරුවල සිදුවූ අනතුරකින් අවුරුදු 05ක දැරියකට දිවි අහිමි වෙයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල, මරක්කලාවත්ත ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් අවුරුදු 05යි මාස 06ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පවසන්නේ ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් කාන්තාව සහ ඇයගේ දියණිය බේරුවල රෝහලට ඇතුලත්කර ඇති අතර දියණිය වැඩිදුර ප්‍රථිකාර සඳහා නාගොඩ රෝහලට මාරුකර යවා තිබෙනවා.
පොලීසය පැවසුවේ නාගොඩ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි දැරිය මිය ගිය බවයි.
අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් අයෙක්ද නාගොඩ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
බොගල්ල, බේරුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කිතුමි අමාෂා නමැති දැරියක් අනතුරෙන් මියගොස් තිබෙනවා.
මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (13) දින සිදුකිරීමට නියමිත අතර කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.