Gossips

බේරුවල මත්කුඩු සිද්ධිය නිසා පුද්ගලයෙක් CIDයට

බේරුවලදී පොලිස් භාරයට ගැණුනු මෙරට දෙවැනි විශාලතම මත්කුඩු තොගයට තමාගේ සම්බන්ධයක් ඇතිබවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ඇති බවට පුද්ගලයෙක් අද අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.
බේරුවල ප්‍රෙදේශයේම පදිංචිකරුවෙකු වන පැමිණිලිකරු මාධ්‍ය වෙත පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා බේරුවල හිටපු නගරාධිපතිවරයාට චේතනාන්විතව අපහාස කිරීම එහි අරමුණ වී ඇති බවයි.
මෙරටදී හමුවූ දෙවැනි විශාලතම මත්කුඩු තොගය ලෙස හෙරොයින් කිලෝ ග්‍රෑම් 234 ක් පසුගිය 06 දා බේරුවල මුහුදු තීරයේදී පොලිස් භාරයට ගැණුනු අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර සිටින මුස්ලිම් ජාතිකයා තමා බව හඟවමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කිසියම් පිරිසක් අසත්‍ය හා අපහාසාත්මක ප්‍රචාර සිදුකරමින් සිටින බවට බේරුවල පදිංචි මොහොමඩ් නජ්මි නැමැත්තා අද නීතිඥයෙකු සමඟ පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නා.