බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක රළ පහරකට හසුවී මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද පෙරවරුවේ ඔවුන් මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු සහ 24 හැවිරිදි ඔහුගේ නැගනියයි.
ඔවුන්ගේ සිරුරු මේ වන විට කළුතර – නාගොඩ රෝහලට රැගෙන විත් ඇති බව සඳහන්.
