Gossips

බේරුවල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්න නිවා දැමේ

බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළක ඇතිවූ හදිසි ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ හටගත් මෙම ගින්න ප්‍රදේශවාසීන් සහ කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව නිවා දමා ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ගින්නෙන් වෙළඳසැළට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.