Gossips

බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයේ දත්ත පරික්ෂාවට

බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ගබඩා කර තිිබියදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් දින 7 ක රැඳවුම් නියෝගයක් ලබාගැනීමට පොලීසිය අපේක්ෂා කරනවා.
ඒ අනුව මෙම මැණික් ව්‍යාපාරිකයා සහ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු අද (10) මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එසේම මෙම සිද්ධිය සහ ඊට සම්බන්ධ තවත් සැකකරුවන් පිළිබඳව විමර්ශන කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්නගේ උපදෙස් මත ක්‍රියාත්මක වනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සහ සෙසු පුද්ගලයාගේ ජංගම දුරකථන ඇමතුම් දත්ත හරහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සතුව තිබී ගිනි අවි 13 ක් සහ ජීව උණ්ඩ 906 ක් ඊයේ (09) සොයාගත් අතර, මූලික පරීක්ෂණවලදී හෙළිවූයේ මෙම අවි ආයුධ සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බවටයි.
මොහු සතුව තිබී ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගැනෙන මිනිඋෂි වර්ගයේ ගිනි අවියක් සොයාගැනීම සහ හෙරොයින් මත්කුඩුද සොයාගැනීම පිළිබඳ පරීක්ෂණ කටයුතුවලදී වැඩි අවධානයක් යොමු කරනු ඇති.
මෙම මැණික් ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමඟ ඝාතනය කරන ලද ගෝනෙකුගේ මස්ද රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර, පසුව සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරුවලට අනුවයි මෙම අවි ආයුධ සොයාගැනුනේ.